මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

April 2, 2024

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.

රජයේ මුදල් කාරක සභාව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදු වූ සියලු ලිපි ගණුදෙනු මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුවට සාධාරණ විසඳුමක් සහිතව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024-2026 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024-03-16 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපියට විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවට තුඩු දී ඇති වැටුප් වැඩි කිරීම සලකා බැලීම සඳහායි ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කර ඇත.

දිනේෂ් ස්ටීවන් වීරක්කොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, ඇන්තනී නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස්. විජේසිංහ, දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීන් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇති බව සඳහන් වෙයි.

t

o

p