ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

April 1, 2024

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයනේ අද (01) සිදු කෙරුණි.

ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. Zuhair M.H. Dar Zaid) මහතා වෙත නිල වශයෙන් භාර දී තිබේ.

එමෙන්ම ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීමට ජනාධිපතිවරයාගේ අදහසක් අනුව ආරම්භ වූ ගාසාහි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත මේ වන විටත් පරිත්‍යාගශිලි බොහෝ පිරිසක් අරමුදල් බැර කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව “Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශිලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි රුපියල් මිලියන 20කට අධික මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතයි.

t

o

p