ගල්බොක්කේ පවුල් 300කට බදුල්ල රොටරි සමා­ජ­යෙන් නොමිලේ ජලය

March 19, 2024

උග්‍ර පානීය ජල අර්බු­ද­ය­කට පත්ව සිටින රිදී­මා­ලි­යද්ද ගල්බොක්ක පාසලේ සිසු දරු­වන්ට සහ ගම්මා­නයේ පවුල් 300කට බදුල්ල රොටරි සමා­ජය මඟින් නොමි‍ලේ ජලය ලබා දීම සඳහා ඉදි කළ ජල පිරි­ප­හදු ඒක­කය ජනතා අයි­ති­යට පත් කිරීම පසු­ගි­යදා සිදු විය.

ලංකාවේ අති දුප්පත්ම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය වන රිදී­මා­ලි­යද්ද, දෙහි­ගම ග්‍රාම නිල­ධාරී වස­මට අයත් ගල්බොක්ක, යල්අ­රාව, හෙව­න්වත්ත, පෙති­යා­ගෙඩ, පොල් වගාව යන ගම්මා­න­වල පවුල් සිය ගණ­න­කට පිරි­සිදු පානීය ජලය ගමට නොමැති නිසා ගම්මා­නයේ විශාල පිරි­සක් වකු­ගඩු ඇතුළු නෙයෙ­කුත් ලෙඩ රෝග­ව­ලට ගොදු­රුව සිටිති. ගම්මා­නයේ ජන­තාව මේ වෙන කල් ගම්මා­නයේ ළිංව­ලින් පානීය ජලය ලබා ගැනීම සිදු කළත් සෑම වර්ෂ­ය­කම ජුනි, ජූලි, අගෝස්තු සහ සැප්තැ­ම්බර් මාස­ව­ලදී ගම්මා­නයේ ජල උල්පත් සිඳී යන නිසා අවට තිබෙන මාදු­රු­ඔය, කුඩා ඔය, හෑපො­ළ­ඔය ඇතුළු ගංඟා­ව­ලින් ජලය පානය සඳහා ලබා ගැනීම සිදු කළත් එම ජල­යට ගොවි බිම්ව­ලට යොදන කෘමි­නා­ශක මිශ්‍රව ති‍බෙන නිසා ජන­තාව නොයෙ­කුත් ලෙඩ රෝග­ව­ලට ගොදුරු වී ඇත.

මෙම ගම්වා­සීන් වසර ගණ­නා­වක් තිස්සේ ගමට පිරි­සිදු පානීය ජලය ලබා දෙන ලෙස දේශ­පා­ල­ක­යින් ඇතුළු බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­යත් රොටරි සමා­ජය ගමට පැමිණ පිරි­සිදු පානීය ජලය නොමිලේ ලබා දෙන තෙක්ම කිසිදු කෙනෙකු ගමට ජලය ලබා දීමට කට­යුතු කර නැත. එම නිසාම බදුල්ල රොටරි සමාජ‍යේ සාමා­ජි­ක­යින් ගල්බොක්ක පාසලේ දරු­වන් මූලික කර ගනි­මින් ගම්මා­නයේ ජන­තා­වට නොමිලේ පැය විසි හතර පුරාම පානීය ජලය ලබා දීම සඳහා ගම්මා­නයේ තිබෙන කොටේ­ක­ඳුර ජල උල්පතේ ළිඳක් ඉදි­කර පාසලේ ජල පිරි­ප­හදු ඒක­කය ස්ථාප­නය කර ජල පවි­ත්‍රා­ගා­රය ඉදි­කර තිබේ. බදුල්ල රොටරි සමා­ජයේ සභා­පති චන්දිම කරු­ණා‍‍සේන මහතා ඇතුළු සිය­ලුම සාමා­ජි­ක­යින් ඇතුළු පිරි­සක් පාස­ලට පැමිණ මෙම සද්කා­ර්යය සිදු කළ අතර විදු­හ­ල්පති ඒ.එම්.එස්. බණ්ඩාර මහතා ඇතුළු ගුරු මණ්ඩ­ලය උත්ස­වය සංවි­ධා­නය කර තිබිණ.

t

o

p