ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමට කැබිනට් අනුමැතිය

March 19, 2024

2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

2024 යල කන්නයේ වී වගාව සඳහා යූරියා, TSP, සහ MOP යන රසායනික පොහොර පිළිවෙලින් මෙට්‍රික්ටොන් 110,298.1ක්, මෙට්‍රික්ටොන් 27,711.1ක් සහ මෙට්‍රික්ටොන් 33,412.4ක් අවශ්‍ය බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු කර ඇති බව රජය පවසයි.

ඒ අනුව, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය පහත තීරණ ගෙන තිබේ.

2024 යල කන්නය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් ද පොහොර ආනයනය කර, පෞද්ගලික අංශය සමග තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායි මිලකට පොහොර අලෙවි කිරීම.
2024 යල කන්නය තුළ වී වගාව සඳහා එක් ගොවියෙකුට වගා කරන ලද උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000ක් බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දීම.
නියමිත සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ඝෘජුව ම බැර කිරීම.

t

o

p