පාහි­ය­න්ගල, ලෙන නැර­ඹී­මට විදෙස් සංචා­රකයන් පැමිණේ

March 19, 2024

බුල­ත්සිං­හල සංචා­රක ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන 2035 ව්‍යාපෘ­ති­යට සම­ගා­මීව බුල­ත්සිං­හල ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­සයේ ඓති­හා­සික පාහි­ය­න්ගල ලෙන ආශ්‍රිත ප්‍රදේ­ශය නැර­ඹීම සඳහා පසු­ගි­යදා ජර්ම­නිය, ඹ්ලන්දය සහ ඹ්ස්ට්‍රියානු සංචා­රක පිරි­සක් පැමිණ සිටි අයුරු දැක­ගත හැකි විය.

බුල­ත්සිං­හල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය මඟින් බුල­ත්සිං­හල සම්බ­න්ධී­ක­රණ කමිටු සභා­පති කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ­කු­මාර මහ­තාගේ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් බුල­ත්සිං­හල සංචා­රක පුර­වර 2035 වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කරනු ලබයි. බුල­ත්සිං­හල ඓති­හා­සික පාහි­ය­න්ගල ලෙන, ප්‍රදේ­ශයේ දිය ඇළි, ස්වභා­වික පරි­ස­රය, ගංගා, කුකුළේ ගඟ නිවාඩු නිකේ­ත­නය ඇතුළු දෙස් විදෙස් සංචා­රක සිත් දිනා­ගත් ස්ථාන හා ප්‍රදේශ රැසක් සඳහා සංචා­රක පහ­සු­කම් සැල­සීම මේ වන විටත් සිදු කර­මින් තිබෙන බව පාර්ලි­මේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා කීවේය.

පසු­ගි­යදා පැමිණි සංචා­රක පිරිස ප්‍රදේ­ශයේ ගම්මා­න­වල ඇවි­දි­මින් ග්‍රාමීය ජන­තා­වගේ පැණි හකුරු ඇතුළු නිෂ්පා­දන මිලදී ගනි­මින් ගැමි­යන් හා සතුටු වන අයුරු ද දැක ගත හැකි විය.

t

o

p