X-Press Feeders, 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අංක 1 පෝෂක සේවා සපයන්නා ලෙස විශිෂ්ටත්වයට පත් වෙයි

March 18, 2024

ලොව විශාලතම ස්වාධීන පොදු – පෝෂක සේවා සපයන්නා වන X-Press Feeders පසුගියදා පැවැත්වුණු 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවැනි වරටත් විශිෂ්ටතම පෝෂක සේවා සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. නාවුක කර්මාන්තය තුළ නවෝත්පාදන සේවාවන් දියත් කිරීමේ විශිෂ්ටත්වය හා උසස් සේවාවක් ලබා දීම වෙනුවෙන් X-Press Feeders හි කැපවීම එම සම්මානය තුළින් යළි යළිත් පිළිබිඹු විය.

මෙම සම්මානය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී කොළඹ වරාය සම්මාන කමිටුව මඟින් සුවිශේෂී නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කරන ලදී. හසුරුවන ලද මුළු පරිමාව පිළිබඳව සැලකීමේදී X-Press Feeders එහි ප්‍රමුඛත්වය ගැනීමට කටයුතු කරනු ලැබුවේ අසමසම කාර්ය සාධනයක් වාර්තා කරමිනි. නිරන්තරයෙන් සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඒ සඳහා විශ්වසනීය හා කාර්යක්ෂම විසඳුම් ලබා දීමට කැපවී කටයුතු කරන X-Press Feeders ගෝලීය අභියෝගයන් ජය ගනිමින් කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය සනිටුහන් කිරීමට සමත්ව සිටියි.

කොළඹ වරාය කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම වෙනුවෙන් සුවිසල් කාර්යභාරයත් ඉටු කර ඇති X-Press Feeders කොළඹ වරාය හරහා සේවා 16ක් ආවරණය වන පරිදි පෝෂක සේවා සපයනු ලබයි. සබඳතාවන් ඉහළ නැංවීමට පමණක් නොව කලාපයේ සමුද්‍රීය දොරටුවක් ලෙස කොළඹ වරාය ශක්තිමත් කිරීමටද මෙම උපාය මාර්ගික ව්‍යාප්තිය හේතු වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Sea Consortium Lanka Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි මහතා “කොළඹ වරාය තුළ සුවිශේෂී සේවා සැපයීම වෙනුවෙන් අපගේ කැපවීම ඇගයීමට ලක් කරන මෙම සම්මානය අප සමාගම විසින් හිමි කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. පසුගිය දශක 3ක පමණ කාලය තුළ අංක 1 පෝෂක සේවා සැපයුම්කරු ලෙස අපගේ ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපට හැකි වුණා. විශේෂයෙන් අප සතු හැකියාව හේතුවෙන් නිරන්තරයෙන් අප වෙත එල්ලවන ගෝලීය අභියෝගයන් හා පාරිභෝගික අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබා දීම තුළින් මෙම සාර්ථකත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපට හැකි වුණා. ඒ නිසාම මෙම සම්මානය 50 වසරක මෙහෙයම් තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ නොසැලෙන කැපවීම සම්බන්ධයෙන් වන කදිම සාක්ෂියක් ලෙසද සඳහන් කළ හැකියි.” යනුවෙන් පවසා සිටින ලදී.

ඉහළ සේවා ගුණාත්මකභාවයක් තුළින් සේවා ප්‍රමිතීන් ආරක්ෂා කර ගනිමින් පෝෂක සේවා සැපයීමට කටයුතු කරන X-Press Feeders තමන් වෙත එල්ල වෙන අභියෝග හා දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවද පොදු පරිශීලක පෝෂක සේවා සළසන්නකු ලෙස සිය ස්ථාවරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසී කටයුතු කරයි. ඒ නිසාම නාවික මාර්ග, NVOCC සහ ISO බහාලුම් ක්‍රියාකරුවන් ඇතුළු ගෝලීය පාරිභෝගික විශ්වාසය තමන් සතු කර ගැනීමට X-Press Feeders ආයතනයට හැකි වී ඇත.

සිය පාරිභෝගික අවශ්‍යතාවන්ට ගරු කරමින් ඔවුන් වෙත හොඳම ජාලගත සේවාව, සැලසුම් සහ විශේෂඥ සේවාවක් නිරන්තරයෙන් ලබා දීමේ සිය මෙහෙවර හා දැක්ම අනුව X-Press Feeders කටයුතු කරනු ලබයි. තවද X-Press Feeders හි වෘත්තීයමය භාවය, ආයතනික ආචාර ධර්ම සහ තාක්ෂණික දියුණුව සඳහා දක්වන කැපවීම පාරිභෝගික ගරුත්වය, අඛණ්ඩතාව හා විවිධත්වය වැනි ආයතනික වටිනාකම් තුළින් මනාව ප්‍රකට වේ.

X-Press Feeders ඉදිරි වසර 5 -10 ක කාලය තුළ අන්තර්ජාල වෙළෙඳාම ඉහළ නැංවීම, තිරසාර වැඩසටහන්, තාක්ෂණික ඉහළ නැංවීම් සහ වෙළෙඳ මාර්ගයන්හි වෙනස්කම් සමඟින් පෝෂක සේවා වෙළෙඳපොලෙහි සුවිශේෂී වෙනස්කම් සිදු කිරීමට අරමුණු කොට ගෙන ඇත. නව්‍යකරණය හා තිරසාරත්වය නෙනුවෙන් කැපවී කටයුතු කරන ඔවුන්ගේ තවත් එක් සුවිශේෂී අරමුණක් වන්නේ පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

සිය සේවා මෙහෙයුම් තුලදී දැනටමත් තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කර ඇති X-Press Feeders ඉන්ධන පරිභෝජනය හා කාබන් විමෝචනය අවම කිරීම වෙනුවෙන් TEUs 1250 සිට 7000 දක්වා වන නවතම යාත්‍රා 30ක් පමණ හඳුන්වා දීමටද කටයුතු කර ඇත. තවද 2050 වන විට ශුද්ධ කාබන් විමෝචන තත්වයක් ළඟා කර ගැනීමට කැපවෙමින් වාර්ෂිකව හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහාද X-Press Feeders නිරන්තරයෙන් වෙහෙසී කටයුතු කරයි.

t

o

p