කථානායකට එරෙහි විශ්වාසභංගය පිළිබඳ විවාදය අද

March 19, 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වේ.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පමණ පැවැත්වීමට නියමිතය.

t

o

p