දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන ගොවීන්ට සුබ ආරංචියක්

March 17, 2024

CSIAP හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන CSIAP ((Climate Smart Irrigated Agriculture Project) හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ කටයුතු මෙම වසරේ අවසන් වීමට නියමිතව තිබිනි. විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන දිස්ත්‍රික්කවල කෘෂිකර්ම හා වාරිමාර්ග නඟා සිටුවීම ඉළක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල, අම්පාර, කුරුණෑගල, වව්නියාව වැනි දිස්ත්‍රික්කවල කුඩා වැව් හා ඇළවේලි ප්‍රතිසංස්කරණය සිදු කරනු ලැබීය.

එමෙන්ම එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම සඳහා කෘෂි උපකරණ හා වගා කටයුතු ද ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණය හා දැනුමද ලබා දෙනු ලබයි.

t

o

p