1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරගෙන අදට වසර විසි අටයි

March 17, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට (17) වසර 28කි.

පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති එම අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබීය.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩකයින් අතරට අරවින්ද ද සිල්වා සනත් ජයසූරිය රොමේෂ් කලුවිතාරණ අසංක ගුරුසිංහ රොෂාන් මහානාම හෂාන් තිලකරත්න කුමාර ධර්මසේන මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් ද ඇතුළත්ය.

අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාස පොතට අලුත් පිටුවක් එක් කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිව අවසන් තරගය කඩුලු හතකින් ජය ගනිමිනි.

t

o

p