හොන්ඩා සහ නිසාන් සමාගම් තීරණයක් ගනී

March 16, 2024

විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ස්වංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට හොන්ඩා සහ නිසාන් යන සමාගම් තීරණය කර තිබේ.

ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම සමාගම් දෙකෙහි ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජපානයේ දෙවන සහ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් වන මෙම සමාගම් දෙක ඉදිරියේ දී තාක්ෂණයෙන් වැඩි දියුණු වූ විද්‍යුත් වාහන නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වේ.

t

o

p