එළැඹෙන යල කන්නයේ හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා ව්‍යාපෘතියක්

March 16, 2024

එළැඹෙන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කීරි සම්බා වගා කිරීම සම්බන්ධව පැවති සාකච්ඡාවකදීයි අදාළ තීරණය ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන්.

එමෙන්ම දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

t

o

p