නව තානාපතිවරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

March 12, 2024

ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ තායිලන්ත සහ පාකිස්තාන තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙනලදි.

ඒ අනුව තායලන්ත රාජධානියේ මෙරට තානාපතිවරයා ලෙස පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මැතිතුමා සහ පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මැතිතුමා මෙලෙස අක්තපත්‍ර භාර දී තිබේ.

මෙම අක්තපත්‍ර භාර දීම කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු කරනලදි.

t

o

p