අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කළ යුතුයි – චීන ජනපති

March 6, 2024

අධිගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කරමින් ඵලදායීතාව සහතික කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට එක්ව සිටින ජ්‍යංසු පළාතේ නියෝජිත කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේ දී ය.

විද්‍යා හා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණයට මනාව මුහුණ දෙමින් නව කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතු බවත්, ප්‍රමුඛ පෙළේ කර්මාන්ත තවදුරටත් සංවර්ධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

t

o

p