චන්ද්‍රිකා වැව සහ කිරිඉබ්බන් වැව ජලාශ මතුපිට පාවෙන සූර්ය විදුලි බලාගාරයක්

March 6, 2024

කොරියානු රජයේ Korea Institute Advancement of Technology සහ ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා අනුව, චන්ද්‍රිකා වැව සහ කිරිඉබ්බන් වැව ජලාශවල ධාරිතාව මෙගාවොට් 01 බැගින් පාවෙන සූර්ය විදුලි බලාගාර නියමු ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මෙම ව්‍යාපෘති දෙකට අදාළව විදුලි බලාගාර හා සම්ප්‍රේෂණ පොළ ඉදිකිරීම, නඩත්තු ශ්‍රමිකයින් පුහුණු කිරීම සහ සූර්ය පැනලා නඩත්තු කිරීම වැනි කටයුතු සඳහා මෙම ජලාශයන්හි ජලය මතුපිට හෙට්ටයාර 0.99ක් බැගින් වූ කොටස් සහ එම ජලාශ රක්ෂිකයන්ගෙන් හෙක්ටයාර 0.1 බැගින් වූ බිම් කොටස් ලබාදෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

මෙම යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 03ක පමණ වාර්ෂික විදුලි ජනනයක් එක් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ අනුව අදාළ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති 02 පවත්වාගෙන යාම සඳහා ඉහත සඳහන් ජලාශ මතුපිට කොටස් සහ බිම් කොටස් වාර්ෂික බදු පදනම මත ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබාදීම පිණිස වාරිමාර්ග ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩය විසින් අනුමත කර තිබේ.

t

o

p