ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට

February 9, 2024

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසි.

ඒ අනුව රුපියල් 5,000ක් ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500 දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ දමා ඇති බව සඳහන්.

මීට අමතරව, අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනා ගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබා දීමට නියමිතයි.

t

o

p