පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම සඳහා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරුණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ අනුග්‍රහය දක්වන LDS Latter – day saints charities (USA) ආයතනය වෙනුවෙන් Mr. Mickey Lui – Area Welfare and Self-Reliance Director යන මහත්වරු ගිවිසුමට අත්සන් තබන ලදි.
මෙම අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයට ඖෂධ වර්ග 13 ක් ඇතුළත් වන අතර මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියනයකට අධික වන බව සඳහන් වෙයි.
පළමු අදියර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන මෙම අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගය මෙරට වර්ෂයක (01) පිළිකා ප්‍රතිකාර සදහා ප්‍රමාණවත් වෙයි.
දෙවන අදියර යටතේ මෙරටට අවශ්‍යය වන තවත් ඖෂධ වර්ග තොගයක් ඉදිරි මාස කිහිපය තුළදී මෙරටට ලබා දීමට එම ආයතනය සැලසුම් කර තිබෙන බවයි පැවසෙයි.