මෙරටට හොර රහසේ ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

February 6, 2024

වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එල්. ලිලංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තලංගම පොලිස් වසමේ අංක 285, කඩුවෙල පාර, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටි උදය ග්‍රයින්ඩ් මිල්ස් වෙළදසැලේ දී සහ අංක 186/C, කලපළුවාව පාර, තලංගම යන ලිපිනයේ පිහිටි දීපානි ග්‍රොසරි වෙළදසැලේ දී වැටලීම් සිදුකර ඇත ඇත.

එහි දී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි තලංගම සහ කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 සහ 67 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) MANCHESTER වර්ගයේ දුම්වැටි 360 යි.
2) ARGOS වර්ගයේ දුම්වැටි 200 යි.
3) MANCHESTER වර්ගයේ දුම්වැටි 160 යි.
4) MANCHESTER DOUBLE DRIVE වර්ගයේ දුම්වැටි 100 යි.
5) B&H වර්ගයේ දුම්වැටි  40 යි.

t

o

p