උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණය කෙරේ

February 6, 2024

මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එළැඹෙන ජුනි මාසය වනවිට මෙය සිදුකිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දීමේ අරමුණෙන් මෙය සිදුකර තිබේ.

මේ සඳහා පාසල් 3,000ක් තෝරාගෙන ඇති අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළැඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

t

o

p