බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට පිළිකාවක්

February 6, 2024

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

චාල්ස් රජුගේ ප්‍රතිකාරය පිළිබඳව සම්පූර්ණයෙන්ම ධනාත්මකව සිටින අතර හැකි ඉක්මනින් සම්පූර්ණ සුවය ලබා රාජ්‍ය සේවයට පැමිණීමට බලාපොරොත්තු වන බවද බකිංහැම් මාලිගය සදහන් කරයි.

චාල්ස් රජුට අවශ්‍ය ප්‍රතිකාර මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල්දමා ඇති බවද බකිංහැම් මාලිගය සදහන් කරයි.

තම පුතුන් දෙදෙනාට චාල්ස් රජු ඔහුගේ රෝගය පිළිබඳව පෞද්ගලිකව දැනුම් දුන් අතර විලියම් කුමරු ඔහුගේ පියා සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වූ බවද බකිංහැම් මාලිගය සදහන් කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන හැරී කුමරු තම පියා සමඟ කතා කළ අතර ඉදිරි දිනවලදී ඔහු බැලීමට එක්සත් රාජධානියට යාමට නියමිත බවද සදහන් කරයි.

t

o

p