ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

February 6, 2024

ඉන්දියාවේජර්මානුතානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Klaus Willi Merkel නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස්අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

Colonel Klaus Willi Merkel, ඉන්දියාවේනවදිල්ලියේ පිහිටි ජර්මානුතානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේජර්මානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවිකහමුදාධිපති සහ ජර්මානුආරක්‍ෂක උපදේශක අතරද්වීපාර්ශික වශයෙන් වැදගත්කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා ජර්මානුතානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel (GS) Andre Niedhofer සහ නාවික හමුදාධිපති‍ගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතරසමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

t

o

p