එවක අගමැති නිවසට ගිනි තැබූ අරගලකරුවෙක් අත්අඩංගුවට

February 5, 2024

2022.07.09 වන දින අරගලකරුවන් විසින් 05 වන පටුමග පිහිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව ලිපිනයේ පදිංචිකරුවෙකු වන ජයසූරිය මුදියන්සේලාගේ විමලරත්න (අවු.46) නැමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී රැස්විමක සාමාජිකයන් වී සිටිමින් 2022.07.09 වන දින එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට සහ නිවස පිහිටි ඉඩමට අයුතුව ඇතුල්විම හා එහි දේපළ සොරකම් කිරිම නීති වගන්ති – ද.නි.ස 138,366,408,419,427,428 වගන්ති යට⁣තේ වරදවල් සිදු කර ඇත.

මෙම සැකකරු නිවෙස් වලට ගොස් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම් සිදුකරනු ලබන අතර, සැකකරු 2024.02.06 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

t

o

p