ලෙඩ් විදුලි ආලෝක පද්ධතියකින් සැරසෙන පළමු ලාංකේය ක්‍රීඩාංගණය

February 5, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නවීකරණය කරන ලද දඹුල්ල ක්‍රීඩාංගණය විවෘත කිරීම සඳහා අද (05) දිනයේ එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කරයි.නවීකරණය කරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීන ලෙඩ් විදුලි ආලෝක පද්ධතියකින් සැරසෙන පළමු ලාංකේය ක්‍රීඩාංගණය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එකතු කරයි.එසේම පිහිණුම් තටාග පහසුකම් ද,ජල චිකිත්සක ප්‍රතිකාර සඳහා අවශ්‍යය පහසුකම් සහිත ක්‍රීඩා අනතුරු සඳහා ප්‍රතිකාර කිරිමට අවශ්‍යය පුනරුත්ථාපන ඒකකයක් ද මේ ක්‍රීඩාංගණයට ඇතුළත් වෙයි.

t

o

p