බර අඩු පාන් සොයා අද(05) සිට වැටලීම්

February 5, 2024

නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළඳුන් සොයා අද (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.පාන්ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් ලෙස තිබිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.05ක් ලෙස අදාල ගැසට් නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම පාන් භාගයක බර ග්‍රෑම් 225ක් වියයුතු අතර අඩුවිය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09ක් බවයි එම නිවේදනයේ දැක්වෙයි.

t

o

p