වී වගාවට බිලියන 10ක පාඩුවක්

January 30, 2024

ගංවතුර සහ නියඟය හේතුවෙන් වී වගාවට පමණක් දළ වශයෙන් රුපියල් බිලියන 10 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය.

වී වගාවට සේම එළවළු වගාවටත් ඒ හා සමාන වූ හානියක් සිදුවී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ගංවතුර හේතුවෙන් වී වගා කරන ලද කුඹුරු අක්කර ලක්ෂයකට පමණ හානිවී ඇතැයිද ඔහු කීවේය.

නියඟය නිසා විනාශ වූ කුඹුරු ඉඩම් හිමි ගොවීන්ට වන්දි ගෙවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

සියයට 35 ත් 40 ත් අතර මට්ටමක පැවැති පසු අස්වනු හානිය එළවළු මිල ගණන් ඉහළ යාමත් සමග සියයට 25 ක් දක්වා අඩුවී තිබෙන බවද ඔහු කීවේය.

t

o

p