ලොරේන්සෝ පුතා, මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරෙයි

January 29, 2024

සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි බව කියන ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා මුදා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකා-ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවයි.

ඒ අනුව සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් මේ බව තහවුරු කරනලදි.

එමෙන්ම මුදාගත් ධීවර යාත්‍රාව හා ධීවරයන් 6 දෙනා, සීෂෙල්ස් වෙත රැගෙන එමින් පවතින අතර, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 3 දෙනෙකුත් මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවත් නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය සෙනසුරාදා දින ‘ලොරේන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණි.

t

o

p