කැලණි ගඟට ආරක්ෂිත තොටුපළවල්

January 29, 2024

කැලණි ගඟේ කිඹුල්ගහනය වැඩිවීම නිසා එය මිටියාවතේ ජන ජීවිතවලට තර්ජනයක් වීමේ ගැටලුවට විසඳුම් ලෙස ආරක්ෂක තොටුපළවල් ඉදි කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
මෙසේ ආරක්ෂිතව කොටුකර ඉදිකිරීමට සුදුසු තොටුපළවල් හඳුනා ගැනීමේ නිරීක්ෂණ චාරිකාවක් කඩුවෙල වැලිවිට සිට රණාල දක්වා සිදුකෙරිණි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, ආපදා නිලධාරී ගුණසේන කලුආරච්චි, වනජීවී නිලධාරීන්, කඩුවෙල පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී වැලිවිට සිට රණාල දක්වා ආරක්ෂිතව ඉදිකල යුතු තොටුපළ අටක් හඳුනා ගෙන තිබේ. ආරක්ෂිතව ඉදිකළ තොටුපළවලට විකල්පයක් ලෙස කිඹුලන් උගුල්වලින් අල්ලා ඉවත් කිරීම යෝජනා වුවද නිලධාරීන්ගේ මතය වූයේ එය එතරම් සාර්ථක නොවන බවයි.
කෙසේ වෙතත් වැලිවිට තොටුපළේ දිය නෑමට ගිය දිස්න නැමති දරුවා කිඹුලෙකු විසින් ඩැහැගෙන යෑමේ සිදුවීමෙන් අනතුරුව කිසිදු අයෙකු දිය නෑමට කැලණි ගඟට නොබසින තත්ත්වයක් මතුව තිබේ.

t

o

p