පෙර පාසල් ගුරුවරු 34000යි. සුදුසුකම් සහිත අය 6000ක් පමණයි

January 29, 2024

මෙරට පෙර පාසල් 19000ක පෙරපාසල් ගුරුවරුන් 34000ක් සිටින නමුත් ඔවුන් අතර පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලද පෙරපාසල් ඩිප්ලෝමාධාරීන් සිටිනුයේ 6000ක පිරිසක් යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි.

වසර 2025 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවන්නේ නම් පළමුවැනි ශ්‍රේණියට ප්‍රවේශ කරවන දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය ද ඒ හා අනුගත විය හැකි අයුරින් සිදුකළ යුතු බවද අමාත්‍යවරයා පවසා සිටියි.

t

o

p