ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණට

January 29, 2024

22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ, ඔහු අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු සිනමා පටය වෙනුවෙන් ය.

එය, ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු සිනමා පටය, මීට පෙර 52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙල ඇතුලු ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර විය.

t

o

p