මහාපරිමාණ අයුරින් මුදල් චංචා කිරීම් සිදුකරන ලද වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

January 28, 2024

ව්‍යාජ ලෙස රන්භාණ්ඩ යැයි හගවමින් රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වෙත උකස් තබා මුදල් ලබාගනිමින් මහාපරිමාණ අයුරින් මුදල් චංචා කිරීම් සිදුකරන ලද පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුට එරෙහිව මෙලෙස මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් 2003 වර්ෂයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, එම දෙපාර්තමේන්තුව විසින් සැකකරුට එරෙහිව විමර්ශන සිදුකර අධිකරණයේ නඩු 19 ක් පවරා තිබී ඇත.

මෙම සැකකරු ජයම්පති අලුවිහාරේ (අවු. 49) ලෙස සිටියදී මෙම චංචා සිදුකර ඇති අතර, එම නඩු සදහා සැකකරු මුලික අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටද ඇත.

පසුකාලීනව මොහු අතුරුදහන්ව සිට 2008 වර්ෂයේ පොල්ගහවෙල ප්‍රදේශයේ භාවනා අසපුවක හිමිනමක් ලෙස පෙනී සිටියදී මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුට එරෙහිව මහාධිකරණ නඩු 12 ක් කොළඹ, අවිස්සාවේල්ල සහ හෝමාගම අධිකරණ වල පවතින අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 07 ක් කඩුවෙල, හෝමාගම සහ අලුත්කඩේ අධිකරණයන් වල පවතින බවත් අත්අඩංගුවට ගත් සැකකරු ඉහත නඩු සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වෙයි.

t

o

p