තණමල්විල නිවසකින් ගංජා කිලෝ 31 ක් අත්අඩංගුවට

January 27, 2024

තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ නිවසක අලෙවි කිරීමට සූදානම් කර තිබූ දේශීය ගංජා කිලෝ 30 ක් සහ කේරළ ගංජා කිලෝ 01 ක ප්‍රමාණයක් ඌව කුඩා ඔය, පරාක්‍රමපුර ප්‍රදේශයේ වයස අවු 48 ක පුද්ගලයෙකු සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ජනවාරි 25 දින ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශය හා කතරගම පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදීය. අතුඅඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම ගංජා තොගය අලෙවි කිරීමට සූදානම් කර තිබී ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු කතරගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

t

o

p