නුවර – කොළඹ මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්

January 26, 2024

නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ දුරුතු නද මහ පෙරහැර හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය දැනුම්දෙයි.

හෙට (27) රාත්‍රී 7 සිට රාත්‍රී 8.30 දක්වා පෙරහැර පැවැත්වීමට නියමිතය.

පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර දකුණට හැරී අත්නගල්ල මාර්ගයේ ගමන් කර නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

පෙරහැර ආරම්භ කර නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කරන කාලය තුළ කොළඹ – කොළඹ ප්‍රධාන මාර්ගය මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මංතීරුවේ රථ වාහන ගමනාගමනයට සීමා කරන අතර, කොළඹ දෙසට වූ මංතීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව පවතී.

එලෙස ගමනාගමනය සීමා කරන කාලය තුළ කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කිරීමට අපේක්ෂිත රියදුරන්ට සහ මහජනතාවට පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

විකල්ප මාර්ගය –

*කොළඹ සිට නුවර දෙසට ගමන් කරන රථ වාහන කළගෙඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරය දක්වා ගමන්කර දකුණට හැරී වේයන්ගොඩ නිට්ටඹුව මාර්ගයේ නිට්ටඹුව මංසන්ධියට පැමිණ වමට හැරී නුවර දෙසට ගමන් කළ හැකියි.

මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගයට ගමන් කරන වාහන කළගෙඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරය දක්වා ගමන් කර දකුණට හැරී වේයන්ගොඩ නිට්ටඹුව මාර්ගයේ මීටර් 100ක් ඉදිරියට ගොස් වමට ඇති කොට්ටල මාර්ගයේ මල්ලැහැව හන්දිය දක්වා ගමන් කර පස්යාල මීරිගම මාර්ගයට පිවිස වමට හැරි මීරිගම දෙසට ගමන් කළ හැකිය.

t

o

p