යල කන්නයේ බඩඉරිඟු වගාවට රු. බිලියන 4ක මුදලක්

January 27, 2024

යල කන්නයේදී බඩඉරිඟු වගා කිරීම සඳහා රු. බිලියන 4ක මුදලක් වෙන් කිරීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) පියවර ගෙන ඇත. පසුගිය වසරේ (2023) මහ කන්නයේ අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා මේ ව්‍යාපෘතිය විසින් රු. බිලියන 10ක මුදලක් වැය කරන ලදි. මෙහිදී බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය බීජ බඩඉරිඟු, පොහොර සහ බිම් සකසාගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සියල්ල නැවත අය කර නොගන්නා පදනම යටතේ ඒ ව්‍යාපෘතිය විසින් ගොවීන්ට ලබා දීම සිදු විය. අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්වල ගොවීන්ට බඩඉරිඟු වගා කිරීම සඳහා මේ පහසුකම් සලසන ලදි.

මේ අයුරින්ම මෙවර යල කන්නයේද බඩඉරිඟු වගා කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය සහන සලසන ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහනට උපදෙස් දුන් අතර, ඒ අනුව මෙවර යල කන්නයේදී බඩඉරිඟු වගා කිරීමට රු. බිලියන 4ක මුදලක් කුඩා පරිමාණ කෘෂිව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP විසින් වෙන් කර තිබේ.

t

o

p