ඔන්ලයින් පනත හරහා කිසිදු අයුරකින් භාෂණයේ නිදහසට බාධාවක් ඇතිවෙන්නෙ නැහැ

January 24, 2024

ඔන්ලයින් පනත හරහා භාෂණයේ නිදහසට කිසිදු අයුරකින් බාධාවක් ඇතිවන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ,
මේ පනත හරහා කිසිදු අයුරකින් භාෂණයේ නිදහසට කිසිදු බාධාවක් ඇතිවෙන්නෙ නෑ. මම උදාහරණයක් හැටියට ප්‍රකාශ කරන්න කැමතියි, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 – 1 (ආ) වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුලුව අදහස් පල කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ වගන්තිය මම කියෙව්වේ. කෙසේ වුවත් මෙම භාෂනය හා ප්‍රකාශනය නිදහසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් සීමාවන් පැනවීමක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 – 2 වගන්තිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 – 2 වගන්තිය අනුව දැකිය හැකි අතර, එම වගන්තින් පිළිවෙලින් අපි සියළු දෙනා අනුගමනය කළොත් හොඳයි.
2016 සිට වර්තමාන විරුද්ධ පාක්ෂයත් ආණ්ඩු පක්ෂයත් විටින් විට මේ පනත පාර්ලිමේන්තුවටත්, ඒ වගේම විවිධ අවස්ථාවල මුද්‍රණය කරමින් කල් යවමින් තිබුණා. කෙසේ හෝ අපේ ටිරාන් අලස් ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා මේ ගැන ඉදිරියේදිත් අවශ්‍ය කරන සංශෝධන සමග මේ පනත කඩිනමින් සම්මත කිරීම ගැන.
මම ඇහුම්කන් දුන්නා විපක්ෂ නායක තුමාගේ කතාවට. එහිදී සඳහන් වුණා Bench Hunting ගැන. මම ඒ ගැන වචනයක් නොකිව්වොත් මං හිතනවා එය මගේ අතින් සිදුවන වරදක් කියලා. මම දන්න නීතිය අනුව නඩුකාර මහත්වරුන්ට අයිතියක් තිබෙනවා ඒ අයගේ කැමැත්ත අනුව නඩුවකින් ඉවත්වෙන්නත්, නඩුව විභාග කරන්නත්. පැමිණිලිකරුවෙකුට අයිතියක් තිබෙනවා, පැමිණිලිකරුට හිතෙනවා නම් ඒ Bench එක තමාට සුදුසු නෑ කියලා, තමන්ගේ නීතීඥවරයා මාර්ගයෙන් ඉල්ලීමක් කරලා, තමන්ගේ ඒ සැක සංකා දුරුකර ගැනීමේ අයිතිය අධිකරණයත් ඒ වගේම පුරවැසියටත් එය සමානව තිබෙන කාරණයක් හැටියට සඳහන් කරන්න කැමතියි.

t

o

p