ගාසා තී‍රයේ දරුවන් සාගින්නේ – එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල

January 8, 2024

ගාසා තී‍රයේ දරුවන් සාගින්නෙන් හා මානසික හිංසනයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.

එම අරමුදල පසුගියදා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක් අනුව, ගාසා තීරයේ වයස අවුරුදු 2 ට අඩු දරුවන්ගෙන් 90% ක පිරිසක් නිසි සෞඛ්‍ය තත්ත්වය සහතික කිරීමට අවශ්‍ය තරම් ආහාර ලබා ගත නොහැකි තත්ත්වයක පසුවෙති.

පවතින යුද ගැටුම් එම ප්‍රදේශයේ දරුවන්ගේ මානසිකත්වයට එල්ල කර ඇති බලපෑම් ද අතිශය කනගාටුදායක බව ළමා අරමුදල පවසයි.

t

o

p