තැපෑලට ඉහළම ආදායම බස්නාහිරෙන්

January 8, 2024

තැපැල් දෙපාර්තමේන්තවේ ඉහළම ආදායම බස්නාහිර පළාතෙන් ලැබුණු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම ආදායම 54%ක් බවයි මඩකලපුව නගරයේ ඉදිකරන ලද නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසූවේ.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව නැගෙනහිර පළාතෙන් උපයන ආදායම සියයට 10 දක්වා වැඩි කළ යුතු බව ද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කරයි.

t

o

p