දැනට අලෙවි කෙරෙන පොහොරවලට වැට් නැහැ

January 5, 2024

දැනට වෙළෙදපොළේ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන ලද වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තිය අදාළ නොවන බව පොහොර සැපයුම්කරුවන් අවධාරණය කරයි.

එයට හේතුව දැනට වෙළෙදපොළේ අලෙවි කෙරෙන පොහොර ආනයනය කර තිබෙන්නේ වැට් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර වන අතර ඊට වැට් බද්දක් අදාළ සමාගම් විසින් ගෙවා නැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.

පළිබෝධනාශක සම්බන්ධව වැට් බදු අය කිරීමක් සිදුකළ යුතු වුව ද, පළිබෝධනාශක අලෙවියෙන් ලබන ලාභය මත එම වියදම ආවරණය කර ගන්නා බැවින් මූලික මිල ගණන්වලට වැට් එකතු කිරීමක් සිදු නොකිරීමට ද පලිබෝධ නාශක බෙදාහරින සමාගම් නියෝජිතයන් ප්‍රකාශ කරයි.

t

o

p