රුපියල් විසි හත් ලක්ෂ දොලොස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ව්‍යාපාරිකයෙකු (04) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මොහු (04) දින අලුයම 04.51 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක මෙම ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,120 ක් අඩංගු දුම්වැටි කාටූන් 135 ක් සහ තවත් පැකට් 06 ක් සූක්ෂම ලෙස සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.