කොළඹ කොටස් වෙළෙඳපොළ 25% කින් වර්ධනය වෙයි

January 3, 2024

රටේ ආර්ථික වර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය 2023 වසරේ දී සියයට 25.5 ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.

පසුගිය 2023 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ ‌දෙසැම්බර් මස 29 වන සිකුරාදා දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කරන ලද දෛනික ගනුදෙනු සටහන් වාර්තාව මඟින් මේ බව පෙන්වා දෙයි.
ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, වසර ආරම්භයට සාපේක්ෂව සියයට 25.50ක වර්ධනයක් වාර්තා කර තිබේ.

2023 වසර සැලකිල්ලට ගැනීමේ දී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල විශාල වර්ධනයක් වාර්තා වන අතර එය මේ වසරේ දී තවදුරටත් ඉහළ යනු ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ විශ්වාසය පළ කරයි.

t

o

p