ලංගම ආදායමෙන් කෝටි 14ක් භාණ්ඩාගාරයට

January 3, 2024

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2023 වසර තුළ උපයා ගත් ආදායමෙන් රුපියල් මිලියන 145ක මුදලක් (කෝටි 14.5) මහා භාණ්ඩාගාරයට ලබා දීමට පියවර ගත් බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පැවැසීය.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ ලංගම ආදායමේ විශාල වැඩි වීමක් පෙන්නුම් කරන බව ද හෙතෙම කියා සිටියේය.

t

o

p