රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට අවධානය

January 2, 2024

යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වන විට රටට ගෙන්වා ඇත්තේ පැරණි මිල ගණන්වලට බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

කූඨ වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ⁣ පොහොර අලෙවි කළහොත් ඔවුන්ගෙන් බිල්පතක් ගෙන එය කෘෂිකර්ම අමාත්‍යාංශයට එවන ලෙසත් ඒ අනුව ඊට අවශ්‍ය නීති පියවර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p