මෙරට මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් ඩොලර් ගන්න සැලසුමක්

January 2, 2024

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජලශාස්ත්‍රීය පනතේ අඩංගු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය.

ඒ, එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

1983 සිට ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ලබාගැනීමේ අයිතිය පැවතිය ද එය භාවිත නොකර ඇති බව මේ අවස්ථාව සඳහා සහභාගී වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවා.

ඒ, අනුව ඒ සඳහා අවශ්‍යය නෛතික බලය මෙම පනත් කෙටුම්පත සම්මතවීම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරයි.

t

o

p