අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමූ වෙළෙඳුන්ට එරෙහිව පියවර

January 2, 2024

ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (VAT) ඉහළ දැමීම මධ්‍යයේ ජනවාරි 1 වැනිදා සිට නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කරන භාණ්ඩ සහ සේවා සඳහා පමණක් ඉහළ දැමූ වැට් බදු ගාස්තු අදාළ වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. 

ඒ අනුව 2024 ට පෙර වෙළෙඳපොළට නිකුත් කරන ලද භාණ්ඩ සඳහා වැට් බද්ද මත පදනම් වූ මිල ගැලපීම් අදාළ නොවන බවයි එම අධිකාරිය පැවසුවේ. 

එළෙස අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමූ වෙළෙඳුන්ට එරෙහිව පියවර ගන්නා බව ද එම අධිකාරිය සඳහන් කරයි.

t

o

p