කොළඹ අඩු ආදායම්ලාභීන්ට ලැබෙන්න යන අලුත් නිවාස

January 1, 2024

2024 වසර තුළ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ඉන් නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකෙරෙන්නේ කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා බවයි.

නිවාස ව්‍යාපෘති 11 ක් මේ සඳහා සැලසුම් කර තිබේ. ඉන් නිවාස ව්‍යාපෘති 06 චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මකයි. ඒ සඳහා චීන යුවාන් මිලියන 552 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 22 ක්) මුදලක් ආධාර වශයෙන් හිමිවෙයි. ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 1996 කි. ලබන මාර්තු මාසයේ දී එහි ඉදිකිරීම් ඇරඹෙයි. ඉතිරි නිවාස 4,500 කට ආසන්න සංඛ්‍යාව ඇපල් වත්ත, කොළඹ‍ගේ මාවත, ෆර්ගියුසන් පාර, ස්ටේඩියම් ගම, ඔබේසේකරපුර හා මාදම්පිටිය යන ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 15,728 කි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සඳහා සහාය ව්‍යාපෘතිය යටතේයි. කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව ජීවත්වන පවුල් 50,000 ක් පදිංචි කිරීම සඳහා 2010 වසරේ දී ආරම්භ කළ නාගරික පුනර්ජීවන වැඩසටහන කඩිනම් කිරීම සඳහා මෙම සහාය ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2019 වසරේදීයි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) අරමුදල් යටතේ එය ක්‍රියාත්මකයි.

t

o

p