අවුරුදු 25කට පසු භාණ්ඩාගාරයෙන් වාර්තාවක්

December 30, 2023

2023 වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලු ම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මෙලෙස නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය වසර 25ක කාලය තුළ වසරක් තුළදී එම වසරේ අනුමත සියලු ගෙවීම් පියවූ එක ම වසර බවට ඒ අනුව 2023 වසර පත් වන බවයි වාර්තා වෙයි.

t

o

p