බදුගොනු විවෘත කිරීම කල් යයි

December 30, 2023

ලබන වසරේ ජනවාරි 01වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපල මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි 01 වැනි දා සිට අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබුණි.

මෙලෙස මසකින් පමණ කල්දැමීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

t

o

p