ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

December 30, 2023

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති පසුබිමක දෙසැම්බර් මාසයේදී පමණක් රෝගීන් 10,600කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

යාපනය විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු යාපනයේ තිදෙනකු පසුගිය දින කිහිපය තුළ ඩෙංගු රෝගය වැළදී ජීවිතක්ෂයට පත්විය.

ඩෙංගු මදුරුවා මිනිස් සිරුරට දෂ්ට කිරීමෙන් දින 4ත් 10ක් තුළ ඩෙංගු රෝගය වැළඳේ.

එහි රෝග ලක්ෂණ වන්නේ අධික උණ, හිසරදය, ඇස් ආශ්‍රිත වේදනාව, වමනය, ග්‍රන්ථි ඉදිමීම, මස්පිඩු වේදනාව සහ සන්ධි වේදනාව‍යි.

t

o

p