මත්පැන් මිල ඉහළට

December 29, 2023

2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම සදහන් කරයි.ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ යනු ඇත.මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා තිබේ. වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය කෙරෙන බවද දැනුම්දෙයි.

t

o

p