මාස 06ත්, 09ත් අතර ළදරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක්

December 29, 2023

දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වාර්තා වීමත් සමග මාස 06ත්, 09ත් අතර ළදරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව 2024 වසරේ ජනවාරි මස 06 වැනිදා උදෑසන නවයේ සිට පස්වරු 4 දක්වා ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

t

o

p