යුද්ධ හමුදාව සහ මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකින් මහා පරිමාණයෙන් පවත්වාගෙන යන ලද ගංජා හේනක් ඊයේ (27 දින) වටලා තිබේ.
ඒ යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුවයි.
උඩවලව වන රක්ෂිතයේ වෙහෙරගල්ල, පොකුණුතැන්න ප්රදේශයේ රක්ෂිතය තුළට කිලෝමීටර් 05 ක් පමණ දුරකින් පහසුවෙන් ළගාවීමට නොහැකි අක්කර හයකට වැඩි භූමි ප්රමාණයක් තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම ගංජා වගාව සිදුකර තිබුණි.
එහිදී ගංජා පැල ලක්ෂ දෙක හමාරක් පමණ සොයාගැනීමට හැකි වී තිබේ. සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු පොලීසිය මගින් ක්රියාත්මකයි.