රටේ මුස්ලිම් ජනතාවගේ ආමික, සංස්කෘතික ගැටලු සියල්ලම විසඳාලමින්, ලබන පෙබරවාරියේ දී තමන් සම්පූර්ණ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසුවේය.
ජනාධිපතිවරයා කීවේ මුස්ලිම් ජනතාවගේ අනන්‍ය සංස්කෘතික ප්‍රශ්න සඳහා නෛතික ආවරණයක් ලබා දෙන දෙන අතර පාස්කු ප්‍රහාරයෙන් පසු සීමා වුන ඊජිප්තු කථිකාචාර්යවරුන් ගෙන්වීම, පොත්පත් ගෙන්වීම පිළිබඳ කරුණු සඳහා අවධානය යොමු කර මුස්ලිම් ආගමික අධ්‍යාපනය නගා සිටුවන බවය. මද්රසා පාසල් පාලනය කිරීම සඳහා නීතියක් සම්මත කිරීම, ත්රස්වාදය සම්බන්ධ කරගෙන අතාර්කික නඩු පැවරීම් ඇතුළු ඉහත සියලු කාරණා පිළිබඳව අධ්‍යයනය කර ලබන පෙබරවාරියේ දී මෙම ප්‍රකාශය සිදුකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.